Sunday, January 12, 2025

General line - 0115112241

බස් සහ ලොරි ආනයනය ළඟදීම - මෝටර් රථ ගෙන්වීම මාර්තු අග සිට




වාහන ආනයනයට යළි අවසර හිමි වීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ඉන්දිය සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා තවත් දින කිහිපයක් ඇතුළත මුදල් අමාත්‍යංශයේ අවසර හිමිවනු ඇති බවයි. 


වාහන ආනයනයේ දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.



භාවිත කළ වාහන ආනයනයේදී දැනට පවතින සීමා ලිහිල් කර ගතහොත් රජයට වැඩි ආදායමක් ලබා ගැනීමට සහ විදේශ විනිමට ඉතිරි කර ගැනීමේ හැකියාවක් පවතින බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මෙහිදී පෙන්වා දුන්නා.