Sunday, January 12, 2025

General line - 0115112241

ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන හාර ලක්ෂ 40,000 ඉක්මවයි




අධික වැසි හේතුවෙන් ඇති වූ ආපදා නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 24ක පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන හාර ලක්ෂ 41,590ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

වාර්තා වී ඇති ආපදා මරණ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ. 

ආපදා හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 102ක්. 

අර්ධ නිවාස හානි 2,096ක් වාර්තා වී තිබෙනවා. 

තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් ගණන 38,616ක්. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.