දිස්ත්‍රික්ක 09කට නාය යෑම් පිළිබඳ පූර්ව අවදානම් නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්දයෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කරුණු දැක්වුවා.
ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වය අඩු වෙමින් පැවතියද ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවේ.
ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල මාර්ග හරහා ගමන් කිරීම තවදුරටත් අවදානම් බවද ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
දින කිහිපයක් තිස්සේ උතුරු පළාතට බලපෑ අධික වැසි සහිත කාලගුණය මේ වන විට තරමක් දුරට අඩුවී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.
මේ අතර දිවයින ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා.
මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් තවදුරටත් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා ධීවරයින්ගෙන් ඉල්ලා සිටියේ.