Sunday, January 12, 2025

General line - 0115112241

සැපයුම අඩු වෙයි - එළවළු මිල ඉහළට

කාංචන කුමාර ආරියදාස-රංජිත් රාජපක්ෂ




පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පමණ පහත වැටී තිබෙනවා. 

එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ. 

පවත්නා තත්ත්වයන් යටතේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසනවා.


දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එලවළු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළඳුන්ද පවසනවා.