Sunday, January 12, 2025

General line - 0115112241

ජපානයෙන් මෙරටට ඩොලර් මිලියන 08කට අධික ආධාරයක්

ටීකේජී කපිල




ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත භාර දීම අද සිදු කෙරුණා. 

මෙම පරිත්‍යාග අතර ගිලන් රථ, කසළ ප්‍රවාහන ට්‍රක් රථ, ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන්, නවතම තාක්ෂණයෙන් යුතු  ගුවන් මගීන්ගේ ගමන් මලු‍ පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ආදිය වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වෛද්‍ය උපකරණ,  ආගමන විගමන නිලධාරීන් සදහා විද්‍යුත් ආගමන විගමන කවුළු සදහා අවශ්‍ය උපකරණ, ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර සහ ගුවන් තොටුපොළ  විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සදහා භාවිතා කරන ඩිජිටල් පුවරු ද ඒ අතර වනවා. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවො අකි, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි කටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.