Sunday, January 12, 2025

General line - 0115112241

මහාචාර්ය මනුජ් වීරසිංහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වැඩ භාර ගනී




මෙරට ජනතාවගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් වසර 30කට අධික කාලයක් ක්‍රියාශීලී ලෙස පෙනී සිටි 

විද්වතකු වන මහාචාර්ය මනුප් ක්‍රිෂන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගෙන තිබෙනවා 

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා විද්‍යා මාධ්‍යවේදියකු  ලෙස විදුසර විද්‍යා සඟරාවට ඔහු එක්වන්නේ අනූව දශකය ආරම්භයේදී.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා මෙරට ජනයා අතර විද්‍යා දැනුම ප්‍රචලිත කිරීම සඳහා විද්‍යා සන්නිවේදකයකු ලෙස ද කැපීපෙනෙන කාර්යභාරයක් සිදු කර ඇති අයෙකි. 

මෙරට ජනතාවගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් වසර 30කට අධික කාලයක් ක්‍රියාශීලී ලෙස පෙනී සිටි  මහාචාර්ය වීරසිංහ, මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගෙන සාධාරණ ඖෂධ භාවිතයක් උදෙසා සිය හඬනැඟීම මුලින්ම අරඹන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන අවධියේ දී ඔහු ද ඇතුළු පිරිසක් එක්ව එම පීඨයෙහි පිහිටුවාගන්නා ලද සබුද්ධික සෞඛ්‍ය ක්‍රියාකාරකම් සඳහා වන ශිෂ්‍ය එකමුතුව හරහා ය. 

කථිකාචාර්යවරයකු ලෙස වෛද්‍ය පීඨයේ ප්‍රජා කොළඹ වෛද්‍යවිද්‍යා අධ්‍යයන අංශයට සම්බන්ධ වන ඒ මහතා, පසු කලක ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශනය සම්පාදනය සහ ජාතික ඖෂධ නියාමන පනත සකස් කිරීම සඳහා පුරෝගාමී වැඩකොටසක් ඉටු කර තිබෙනවා.