Sunday, January 12, 2025

General line - 0115112241

යාපනයේ දූපත් ප්‍රදේශ වල උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ගුවනින් ප්‍රවාහනයට පියවර

දිනසේන රතුගමගේ




අපොස උසස් පෙළ විභාගය කල් යාම හේතුවෙන් උතුරේ ඩෙල්ෆ්ට් නාගදීපය ඇතුලු දූපත් ප්‍රදේශ වල විභග මධ්‍යස්ථාන වල තිබූ ප්‍රශ්න පත්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් යාපනය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත අද ප්‍රවාහනය කර තිබුනා.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය නිසා  යාපනයේ දූපත් ප්‍රදේශ වල සිට  ගොඩබිම් ප්‍රදේශ කරා ගමනා ගමන කටයුතු සලසා දුන්  සියලුම බෝට්ටු සේවා නවතා දමා තිබීම හේතුවෙන්.

පසුව විභාග දෙපාර්තමේන්තුව ගුවන් හමුදාව සමග සාකච්ඡා කොට මේ ක්‍රියා දාමය අනුගමනය කල බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ