Sunday, January 12, 2025

General line - 0115112241

නොවැම්බර් උද්ධමනය ඍණ අගයක් ගනී




කොළඹ පාරිභොගික මිල දර්ශකය අනුව 2024 නොවැම්බර් මාසයේ එනම් මෙම මස උද්ධමනය සියයට ඍණ 2යි දශම 1ක අගයක් ගෙන ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

ඉකුත් ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සියයට ඍණ බිනදුවයි දශම 8ක් ලෙස පැවතුණා. 
 

මෙම මස තුළ ආහාර කාණ්ඩය සඳහා ලක්ෂ්‍යමය උද්ධමනය සියයට බින්දුවයි දශම 6ක අගයක් ගෙන ඇති අතර පසුගිය මාසයේදී පැවතුණේ සියයට 1ක් ලෙසයි. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී සියයට ඍණ එකයි දශම 6ක් ගෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට ඍණ 3යි දශම තුනක් දක්වා අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.