Sunday, January 12, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් හානියට පත් වගාවන් නැවත ආරම්භ කිරීමට පූර්ණ සහය




ගංවතුර හේතුවෙන් හානියට පත්ව ඇති වගාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ගොවීන්ට බිත්තර වී ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසා දීමට සහ ඒ සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමටයි එම අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

විෂය භාර අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා. 

දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම හා වාරිමාර්ග බලධාරීන් මෙම සාකච්ඡාවට එක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. 

කැඩී බිඳී ගිය වාරි පද්ධති වහාම පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.