Sunday, January 12, 2025

General line - 0115112241

92 පෙට්‍රල් මිල පහල යද්දී සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහලට




අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති බවයි 

ඒ අනුව එහි නව මිල රුපියල් 309ක් වනවා 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස්  නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරණය කර තිබෙනවා 

මේ අතර  ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර  එහි නව මිල රුපියල් 286 ක් වනවා 

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල වෙනස් නිකිරීමට තරණය කර ඇති අතර එහි මිල 313ක් වනවා 

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරණය කර ඇති අතර එහි නව මිල 188ක් වන බවයි නිල නිවේදනයේ දැක්වෙන්නේ.

මීට සමගාමීව ලංකා IOC සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසයන්වලින් ඉන්ධන මිල සංශෝදනය කර තිබෙනවා.