කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළ යාම සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් පසුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ වායු ගුණාත්මක දර්ශක අගය තවදුරටත් පහළ ගියහොත් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන බවයි.
වායු ගුණාත්මක දර්ශක අගය පහළ යාම ඉදිරි දින දෙක තුළද පැවතිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 75,000 කට ආසන්න වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා තවදුරටත් සීමා කර තිබෙනවා.
ඒ, බදුල්ල සහ ඇල්ල අතර ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට පස් සහ ගල් වැටීම හේතුවෙන්.
දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා ඉවත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.