නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව මේ වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුළට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 03 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙසේවෙතත් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සමාන්‍ය තත්ත්වයකට පත්වීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසනවා.
අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.