පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර රැකියාවෙහි යෙදුණු ධීවරයින්ට යම් හානියක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා ඔවුන්ට සහන ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ.