අනවසර ඉදිරි කිරීම් සිදුකිරීමට ඉදිරියේදී කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.
විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ වැසි ජලය මගින් ඇති වන ගං වතුර තත්ත්වය පාලනය කිරීමට අනවසර ඉදිකිරීම් මහත් බාධාවක් වී ඇති බවයි.
දැනට ඉදිකිරීම් සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි නෙත් නිවුස් මෙහිදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළා.