වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අනුගත වෙමින් ඉදිරියට යෑම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට තමන් ප්‍රසංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයටකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුව සියලු දෙනා කටයුතු කිරීම අනිවාර්යය බවයි.
එම අවස්ථාවට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන යාමට නම් සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බවයි.
විපක්ෂයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට කොන්දේසි විරහිතව පවතින රජයට සහයෝගය ලබාදෙන බවයි එම උත්සව අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.