Sunday, January 12, 2025

General line - 0115112241

ආනයනික ලොකු ළූණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ




ආනයනය කරනු ලබන ලොකු ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ දේශීය අර්තාපල් සහ ලොකු ළූණු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබාගැනීමට හැකිවන පරිදි.

ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙන බවයි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශ සඳහන් කර සිටියේ.

මේ අතර ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නොවෙනස්ව පවත්වා ගැනීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

මේ වන විට ලොකු ළූණු වෙළඳපළ මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් නිරික්ෂණය වන බවත්  පවතින කාලගුණික තත්ත්වය මත සහ සෑම වර්ෂයකම එළඹෙන උත්සව සමය මුල්කරගෙන අර්තාපල් ඇතුළු අනෙකුත් එළවළු මිල ඉහළයාමට ඇති ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශ සඳහන් කර සිටියේ.