නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
එම ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්ම දාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක් , ටයර් හතරක් , සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවයි.
ඉන් අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 14- 1/2 ක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම ඇන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවිකර ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අදාල නීති විරෝධී කොටස් එකලස් කරන ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිසිය වෙත භාරදී තිබෙනවා.