Sunday, January 12, 2025

General line - 0115112241

ආපදා මරණ 17 දක්වා ඉහළට - නාය යෑම් අනතුරු ඇගවීම ගැනත් දැනුම් දීමක්




පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වූ ආපදා තත්ත්වය මේ වන විට අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජීවිත හානි 17 ක් වාර්තා වී ඇති බවයි.


පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් අඩු වුවද ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේ.