Monday, December 23, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ශූරතා දිනාගත් මෙරට හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් දෙදෙනා යළි දිවයිනට

ටී කේ ජී කපිල




අප්‍රිකානු මහද්වීපයේ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරඟාවලි තුනකට සහභාගී වී ජයග්‍රහණ හිමි කරගත් හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න යළි දිවයිනට පැමිණියා. 

ඔවුන් දෙදෙනා එම තරඟාවලියෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුණා. 

හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙසයි සැලකෙන්නේ. 

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.