ජාතික ජන බලවේගයට අභියෝග කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
විපක්ෂයේ මේ වන විට සිටින නායකයින්ට යළි ජයග්‍රහණයක් අත්කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව විපක්ෂයේ වැඩක් කළ හැකි දේශපාලඥයින් එකතු වී ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.