තමන් සතු හෝ තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇත්දැයි දැනගැනීමේ අවස්ථාව දැන් උදාකර තිබෙනවා.
එමෙන්ම මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය සඳහා නිසි පරිදි රේගු බදු ගෙවා ඇත්දැයි පරීක්ෂා කළ හැකි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කරගැනීමට සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සකස් කර දෙන ලෙස කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත මාර්ගෝපදේශ ලබා දී තිබුණා.
ඒ අනුව රේගුව විසින් මාර්ගත ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.
මේ අතර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6,000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණය වන බවයි වාර්තා වන්නේ.
ඒ, සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විමර්ෂනයක් ද ආරම්භ කර තිබෙනවා.
රජයට අයවිය යුතු රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කළ බව කියන මෙම වාහන අතුරින් හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නීත්‍යානුකූල කටයුතු සිදුකරමින් පවතින බවද එම කොමිෂන් සභාව පැවසුවා.
එවැනි වාහන විමර්ශන සඳහා කොමිෂන් සභාව භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර අයවිය යුතු රේගු බදු හා වෙනත් ගාස්තු අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී තිබෙනවා.
පහත සඳහන් සබැඳිය වෙත පිවිස සොයා බැලිය හැක >>>>> සබැඳිය