Thursday, December 26, 2024

General line - 0115112241

වරායට ආ කෘමීන් සහිත සහල් පිළිබඳ රේගුවෙන් දැනුම්දීමක්




කොළඹ වරායට රැගෙනවිත් ඇති ආනයනික සහල් තොග දින දෙකක් තුළ වරායෙන් නිදහස් කරන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ තවත් මෙට්‍රික්  ටොන් 3,500 ත් 4,000 ත් අතර සහල් රැගත් නෞකා කොළඹ වරයාට පැමිණ ඇති බවයි.


කෘමීන් සහිත සහල් මෙට්‍රික් ටොන්  50 ක් වරායෙන් නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. 

යළි එම සහල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට ද දැනුම් දී ඇති අතර එලෙස කටයුතු නොකළහොත් එම සහල් තොගය රාජසන්තක කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.