Thursday, December 26, 2024

General line - 0115112241

ගොඩකවෙල මවක් පුත්‍රයාගේ පොලු පහරින් ජීවිතක්ෂයට

සෝමරත්න පොද්දෙණිය




පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුත්‍රයා විසින් සිය මව පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.            

ඒ, ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදීයි. 

එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවක්. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

මේ අතර වැලිපැනන, ගබඩා හන්දිය ප්‍රදේශයේ ආපනශාලාවකට ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් පිරිසක් හා එම ආපනශාලාවේ සේවකයන් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා තිබෙනවා. 

එලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන හා මීගහතැන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 32 සහ 34 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්. 

කැපුම් තුවාල සහිතව ඉත්තෑපාන රෝහල වෙත ඇතුලත් කළ එම පුද්ගලයින් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.