ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති.
ඉන් අනතුරුව ඉදිරි දින දෙක තුළදී එය දිවයිනේ උතුරට ආසන්න තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන ලෙසට නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා අදහස් පළ කළා.
මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ 73 න් 34 ක් මේ වන විට වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගිය දිනවල ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 79 යි දශම 9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය.