එළියටගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූ පටබැඳිගේ පැතුම් හෙවත් ‘ලොක්කා’ නැමැත්තා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඔහු පුද්ගල ඝාතන 05 ක පමණ සැකකරුවෙකු වන බවයි වාර්තා වුණේ.
එමෙන්ම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බවද පොලිසිය පැවසුවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේදී ඇති වූ ගැටුමක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ලොක්කා නැමැත්තා කාන්තාවක් සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරු 06.50 ට පමණ දඩල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි වැදීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව ද තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.