උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 381කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකඩ මහතා පැවසුවේ එළඹෙන ජනවාරි මස මැද භාගය තෙක් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිකුත් කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
උත්සව සමයේ අලෙවි කිරීම සඳහා පශුවෛද්‍ය නිර්දේශ නොමැතිව ඌරන් ඝාතනය කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව ද නඩු පැවරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.