Saturday, December 28, 2024

General line - 0115112241

කෘෂිකර්මාන්තයේ මිල තීරණයට අනිවාර්යය මැදිහත්වීමක් සිදු කරන බවට රජයෙන් ප්‍රකාශයක්




කෘෂිකර්මාන්තයේ මිල තීරණය කිරීමේ ක්‍රියාවලියට රජය අනිවාර්යෙන් මැදිහත් විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගොවි ජනතාව අසරණභාවයට පත්ව ඇත්තේ පැවති රජයන් ගොවි ජනතාව අත්හැරීම හේතුවෙන් බවයි. 

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


වෙළඳපොළ පාලනය කිරීම සඳහා අවශ්‍ය වී තොග මෙවර මාස් කන්නයේදී මිලදී ගැනීම රජයේ අපේක්‍ෂාව වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.