Saturday, January 4, 2025

General line - 0115112241

නව වසරේ ගන්නා දැඩි තීන්දු ගැන ජනපති කතා කරයි




රට තුළ සිදු වන පරිවර්තනීය වෙනස වෙනුවෙන් දැඩි තීන්දු ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින්. 

රට නව පරිවර්තනයකට ලක් කිරීමම අභියෝගයක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර අද ආරම්භ වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ලෝකප්‍රකට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද එක්ව සිටියා.  

අද ආරම්භ වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනය සමගාමීව රාජ්‍ය ආයතන රැසකම විවිධ වැඩසටහන් අද සිටම ආරම්භ වුණා.