පසුගිය වසරේ සිදු කළ පරිවර්තනයේ ප්‍රතිඵල මේ වසරේදී ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඒ, අද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ ආරම්භ කරමින්.
මේ අතර, රටේ ආර්ථිකය ශක්තිමත් කර ස්වාධීන, ස්වෛරී ජාතියක් බවට පත්කිරීම ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.
ඒ, 2025 වසරේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැඩ රාජකාරි ඇරඹීමේ උත්සවය අමතමින්.