Monday, January 6, 2025

General line - 0115112241

කාබනික සීනි නිෂ්පාදනයට ආණ්ඩුවේ අවධානය




කාබනික පොහොර හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. 

ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදීයි. 

එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටද අවධානය යොමුවී තිබෙනවා. 

එමෙන්ම දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් නිශ්පාදනය කළ හැකි මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් එහිදී සොයා බලා තිබෙනවා. 

මේ අතර සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත් සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් එහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
 

එමෙන්ම ගොවීන්ට ජලය ලබා ගැනීමේදි සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනමින් පියවර ගැනීම පිළිබඳවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධානය යොමු කළ බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ. 
 

&nbs

p;