කල්පිටිය, බත්තලන්ගංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්රං තොගයක් ප්රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
එම ඩිංගි යාත්රාවේ තිබී රත්රං කිලෝ එකොලහයි ග්රෑම් තුන්සියක පමණ ප්රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
ඩිංගි යාත්රාව තුල සුක්ෂම ලෙස සඟවා තිබූ එම රත්රං තොගය නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සහ කර ඇති බවටයි සැක කෙරෙන්නේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.
එම සැකකරුවන්, රත්රං තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදෙන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.