Monday, January 6, 2025

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව ලකුණු 145ක් ඉදිරියෙන්




ඕස්ට්‍රේලියානු  කණ්ඩායම සමග පැවැත්වෙන පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමා වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 145ක් ඉදිරියෙන් පසු වුනා 

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව  ලකුණු 141ක්.

රිෂබ් පාන්ට් ලකුණු 61ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා. 

යශස්වි ජයිස්වාල් ලකුණු 22යි. 

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 14 සීමාව පසුකර යාමට අවස්ථාව හිමි වූයේ නැහැ. 
 

පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 181ක් පමණයි.