Thursday, January 9, 2025

General line - 0115112241

ටිබෙටයට බලපෑ ප්‍රභල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 126ක් දක්වා ඉහළට




ටිබෙට් දේශයේ ඇති වූ ප්‍රභල භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 126 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තුවාල ලබා ඇති සංඛ්‍යාව 188ක්. හානි වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 3,000කට අධිකයි. 

භූමි කම්පනයෙන් පසු දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
 

මෙම භූකම්පනය සිදුව තිබුණේ එවරස්ට් කඳුවැටිය ආසන්නයේයි. 

එබැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 16ක් දක්වා අඩුවිය හැකි බවටයි දැන් පුරෝකථනය කර ඇත්තේ. 

මෙම අධික ශීත කාලගුණය සහන මෙහෙයුම් සඳහා බාධාවක් එල්ල කරනු ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 

ඊයේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 7යි දශම 1ක්. 

භූකම්පනයේ බලපෑම නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණා.