ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් ඇතිවී තිබෙනවා
ඒ අනුව එරට කියුෂු ප්‍රදේශයේ මියසාකි ප්‍රාන්ත දෙකට බ්බෙන් මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර එම ප්‍රාන්ත දෙක සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට වේලාවෙන් රාත්‍රි 9.19ට පමණ මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා මීටරයක් (අඩි තුනක්) දක්වා උස සුනාමි රළක් ඇති විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබුනා
කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් වෙරළබඩ ප්‍රදේශ වලින් ඈත් වන ලෙසත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියමහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.