ලොවපුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා.
හින්දු දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය ‘තෛයි’ යනුවෙන් හැදින්වෙන අතර පොංගල් යන්නෙන් ‘උදාව’ යන්න අර්ථවත් කෙරෙනවා.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුළු සොබාධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකීම මුල්කර ගෙනයි හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය සමරනු ලබන්නේ.
සිය අස්වැන්නේ පළමු කොටස සූර්යාට පූජා කිරීම හින්දු බැතිමතුන් විසින් අද දිනයේ සිදුකරනු ලබන චාරිත්‍රයක්.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පානදුර ශ්‍රී කන්දසාමි කෝවිලේ ප්‍රධාන පූජක, බ්‍රහ්ම ශ්‍රී ලක්ෂ්මිකාන්ත ජගදීෂ කුරුක්කල්තුමා.
හින්දු බැතිමතුන් අද දිනයේ සිදු කරන තෛපොංගල් උත්සවය සමරන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම්, ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා මෙලෙස අදහස් දැක්වුවා.