පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් දැනට පළාත් අපරාධ කොට්ඨාස ස්ථාපිත කර තිබෙනවා.
සෙසු පළාත්වලද එම කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම සහ අපරාධ සම්බන්ධ විමර්ශන විධිමත් කිරීමයි.
එම අපරාධ කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවද මහජන ආරක්ෂක හ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, තැන තැන සිදුවන වෙඩි තැබීම් පාලනය කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීිසිය පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ මෙම වසරේ පළමුව සිදුවූ වෙඩිතැබීම් තුනම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයවා ඇති බවයි.