Tuesday, January 14, 2025

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය සිකුරාදා




විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

ඒ සඳහා මහජන අදහස් විමසීම ඉකුත් 10 වනදායින් අවසන් වුණා. 

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගත් විමසීම සිදු කෙරුණු අතර ඒ සඳහා ලියාපදිංචිව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 70කට අධිකයි. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.