Tuesday, January 14, 2025

General line - 0115112241

උතුරු කොරියාව යලිත් බැලස්ටික් මිසයිල අත්හදා බලයි




උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට  කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා.

මේ  සම්බන්ධයෙන් දකුණු කොරියාව පැවසුවේ මිසයිල මුහුදට පතිත වීමට පෙර කිලෝමීටර් 250ක දුරක් ගමන් කළ බවයි.

එරට වේලාවෙන් උදැසන 9:30 ට මෙම  අත්හදා බැලීම සිදුව  තිබෙනවා.

උතුරු කොරියාවේ ජංග් පළාතෙන් මෙම මිසයිල නිකුත් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති චෝයි සැන්ග්-මොක් කියා සිටියේ උතුරු කොරියාවේ නවතම මිසයිල දියත් කිරීමට රට දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවත්, එවැනි ආයුධ අත්හදා බැලීම් තහනම් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා පියොංයැන්ග් විසින් දිගින් දිගටම උල්ලංඝනය කිරීම හෙළා දකින බවයි.

ජනවාරි 6 වන දින උතුරු කොරියාව නව වර්ගයේ හයිපර්සොනික් අතරමැදි මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු මේ වසරේ මෙතෙක් සිදු කරන ලද දෙවැනි අත්හදා බැලීම වනවා.

ජනවාරි 6 අත්හදා බැලීම පැසිෆික් සාගරයේ දුරස්ථ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිර්මාණය කරන ලද නව හයිපර්සොනික් මිසයිලයක් බව උතුරු කොරියාව පවසන්නේ 

ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පැවසුවේ මිසයිල දියත් කිරීම පිළිබඳව තමන් දැනුවත්ව සිටි බවයි.