චීන කොමියුනිස්ට් පක්ෂයට ජර්මනියේ සංවේදී බුද්ධිය සහ මිලිටරි-අදාළ තාක්ෂණයන් සැපයීම සම්බන්ධයෙන් ජර්මානු ෆෙඩරල් අභිචෝදකයින් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා ගොනු කර තිබේ.
ජර්මානු ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති චූදිතයන්, අවසරයකින් තොරව “විශේෂ ලේසර්” තුනක් ලබාගෙන චීනයට ලබාගෙන අපනයනය කළ බව කියනු ලැබේ.
චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා ඇති බව පැවසෙන එම ලේසර් ජර්මානු නඩු පවරන්නන්ට අනුව, යුරෝපා සංගමයේ ද්විත්ව භාවිත අපනයන පාලන රෙගුලාසි වලට යටත් වේ.
එමෙන්ම සැකකරුවන් තිදෙනා ජර්මනියේ සිටිමින් චීනයේ සමුද්‍රීය සහ සටන් හැකියාවන් වැඩිදියුණු කළ හැකි බෝට්ටු එන්ජින්, සෝනාර් පද්ධති, ගුවන් යානා ආරක්ෂණය, සන්නද්ධ වාහන මෝටර සහ ඩ්‍රෝන යානා ඇතුළු දියුණු තාක්ෂණයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කර ඇති බවට ද බලධාරීන් චෝදනා කළහ.
ඉන් එක් සැකකරුවෙකු 2017 වසරේ සිට චීනයට ඔත්තු සැපයීමේ නිරත වී සිට ඇතැයි ජර්මානු බලධාරීන් අනාවරණ කර ගෙන ඇති අතර අනෙක් දෙදෙනා විවාහක යුවළක් වන අතර ඔවුන් සිය නමට ඇති සමාගමක් මගින් ජර්මානු සමාගම් සහ පර්යේෂණ ආයතන සම්බන්ධ කර ගැනීමට කටයුතු කර ඇතැයි ද සඳහන්