උඩරට මාර්ගයේ වෙන්කල දුම්රිය ආසනවලට ඇති ඉල්ලුමට විසඳුම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා.
ඒ අනුව එම මාර්ගයේ අතිරේක දුම්රිය දෙකක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
මාර්ගගත ක්‍රමය යටතේ ඔඩිසි දුම්රියේ ආසන වෙන් කර ගැනීමේදී සිදුවෙන වංචාවන් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවා.
මේ අතර අද දිනයේ ද බලවේග දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය රියදුරු සංගමය පවසනවා.
ඒ, හෙට පැවැත්වෙන විභාගයකට සූදානම් වීම සඳහා බලවේග දුම්රිය රියදුරන් පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා ගැනීම හේතුවෙන්.