Wednesday, January 22, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද




පසුගිය නොවැම්බර් මාසයේදී පැවති අමෙරිකා ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂින්ටන් නුවර, කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි. 

ඒ, අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙසයි. 

2017 වසරේ සිට 2021 වසර දක්වා ද එරට 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට “මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී” නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 

කෙසේවුවද ඔහුට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් වොෂින්ටන් නගරයේ විරෝධතාවල නිරත වන බවද සදහන්. 

විරෝධතා සඳහා 50,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ. 

විරෝධතාකරුවන් බහුතරයක් කාන්තාවන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.