2021, 2022 වසරවලට සාපේක්ෂව 2024 වසරේදී පොල් ගෙඩි මිලියන 700ක අඩුවක් වාර්තා වන බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.
එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ 2023 වසරේ සිට මෙරට පොල් නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි.
ඒ අනුව, ඉදිරි මාස කිහිපය ඇතුළත පොල් ආනයනය කළ යුතු බවත් පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවත් සභාපතිවරයා පැවසුවා.
ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් මහතා පැවසුවේ ජනවාරි සිට අපේ්්රල් දක්වා අපේක්ෂිත පොල් අස්වැන්න රටට නොලැබෙනු ඇති බවයි.
එබැවින් පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ඔහු කියා සිටියා.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ අවශ්‍යතාව සඳහා පොල් ගෙඩි බිලියන තුනක් අවශ්‍ය බවයි.
මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද අද උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900ක් පමණක් බවයි නෙත් නිවුස් කළ සංචාරයකදී දැකගත හැකි වුණේ.
ව්‍යාපාරිකයින් පවසන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බවයි.