අස්වැසුම ප්රතිලාභ ලබන දෙවන වටයේ කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මේ වන විට ලැබී ඇති අභියාචනා පරික්ෂා කිරීමේ කටයුතු සිදු වන බවයි.
අස්වැසුම වැඩසටහනේ ප්රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.