Wednesday, January 22, 2025

General line - 0115112241

හජ් වන්දනාවේදී සෞදියෙන් ඉන්දියාවට තවත් පහසුකම්




හජ් වන්දනාව සඳහා ඉන්දියාව සහ සවුදිය ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඉන් අනතුරුව සෞදි අරාබිය ප්‍රකාශ කළේ දෙරට අතර මෙම වසර සඳහා හජ් ගිවිසුම අවසන් කිරීමෙන් පසුව ඉන්දියාව සමඟ “පූජනීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට අවස්ථාව හිමිවීම ගෞරවයක්” බවයි.

දෙරටේම ගිවිසුම අවසන් කර ඇති අතර, මේ වසරේ ඉන්දියාවේ සිට මුස්ලිම් බැතිමතුන් 1,75,025 ක් ‘හජ්’ නම් ශුද්ධ වන්දනාව සඳහා යාමට නියමිතයි. 

සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු සහ සෞදි අරාබියේ හජ් සහ උම්රා අමාත්‍ය තවුෆික් බින් ෆවුසාන් අල්-රබියා අතර මෙම ගිවිසුමට පසුගියදා අත්සන් තබා තිබුණා.

හජ්-2025 සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ඉන්දියානු බැතිමතුන් සඳහා වන්දනා ගමනේ පුළුල් පහසුකම් සපයා ඇති අතර ඒ අනුව ඉන්දියාව සඳහා 1,75,025 ක කෝටාවක් වෙන් කර ඇතැයි වාර්තා වනවා.

ගිවිසුම පිළිගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ, “ඉන්දියාවේ සිට පැමිණෙන හජ් වන්දනාකරුවන්ට අපූරු පුවතක් වන මෙම ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බව සහ බැතිමතුන්ට වැඩි දියුණු වන්දනා අත්දැකීමක් සහතික කිරීමට ඉන්දීය රජය කැපවී සිටින බවයි