පැවති අධික වර්ෂාව හේතුවෙන් ගංඟා රැසක ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් තන්තිරිමලේ ප්‍රදේශයේ මහා ගංවතුර මට්ටමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
යාන් ඔය පිටාර ගැලීම හේතුවෙන් හොරොව්පතාන ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමක් පවතිනවා.
මහවැලි ගඟේ ජල මට්ටම මනන්පිටිය ප්‍රදේශයෙන් අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ ගංඟාවල ජල මට්ටම් පිළිබඳ තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක පැවති වැසි තත්ත්වය මේ වන විට අඩු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.