කේරළ ගංජා කිලෝ 108 ග්රෑම් 46ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
ඒ, උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය, යාපනය පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව පූනරීන්, පල්ලෙකුඩා වෙරළ ප්රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී එම වෙරළ ප්රදේශයේ අතහැර දමා තිබූ ධීවර නිවස්නයක සඟවා තිබියදී කේරළ ගංජා කිලෝ 108 ග්රෑම් 46 ක පමණ තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතලිස් තුනකට අධික බවද නාවික හමුදාව පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය මඟින්, යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.