Wednesday, January 22, 2025

General line - 0115112241

දහඅට වංගුව මාර්ගය නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේ වසා දැමීමේ තීරණයක්

කමල් සුරවීර-හේරත් බණ්ඩාර




මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ගය නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අදාල බලධාරින් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි. 

හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහා මාර්ගයට ගල් පෙරලී තිබෙනවා. 

ඒ අනුව තවදුරටත් එම මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් පවතින බැවින් නැවත දැනුම් දෙනතුරු මහනුවර - මහියංගනය මාර්ගය සවස 06.00 සිට පසුදා උදෑසන 06.00 දක්වා වසා දැමීමට තීරණය කළ බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.