මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මෙරට මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ද පවත්වා ඇති බවයි රජය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස අදහස් පළ කළා.
බස් රථවල සවිකර ඇති නීත්‍යානුකූල නොවන අමතර උපාංග ඉවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ වාහන ආනයනය සම්බන්ධයෙන් ද ආණ්ඩුව දැඩි සුපරික්ෂාකාරීව සොයා බලමින් කටයුතු කරන බවයි.