Wednesday, January 22, 2025

General line - 0115112241

අල්ලස් ගත් ආගමන හා විගමන නිලධාරියෙකු ලබන 31 දක්වා රිමාන්ඩ්

උදය කුමාර




වීසා නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඳවාගන සිටින පුද්ගලයෙකු  මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

වීසා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ  පවත්වාගෙන යන කඳවුරක රදවා සිටි පුද්ගලයෙකු මුදා හැරීම සඳහා මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා තිබෙන බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම එහිදී අධිකරණයට දැනුම් දී තිබෙනවා.