Wednesday, January 22, 2025

General line - 0115112241

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්




රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදීයි. 

තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා. 

අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ  නව ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.